කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක්

මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට හෙට අලුයම 5.00 දක්වා පැය 21 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම කාල සීමාව තුළ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව පැලැන්වත්ත , මත්තේගොඩ , හෝමාගම , මීපේ සහ පාදුක්ක ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැලයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පැවසී ය.

අත්‍යවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක්, ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න