කුඩා දැරියකට දිවි අහිමි කළ ඌරුබොක්කේ අනතුර

0
250

ඌරුබොක්ක – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු, එහි පිටුපස ගමන් කළ කාන්තාවක් සහ දැරිය හීගොඩ රෝහලට ඇතුලත් කර තිබේ.

බරපතල තත්ත්වයේ පසු වූ කුඩා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ මිද්දෙණිය, මෑල්ලකැටිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 08 හැවිරිදි දැරියකි.

අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඌරුබොක්ක පොලීසිය මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here