කිලෝ 9ක ගංජා ඕමන්තෙන්, පුද්ගලයෙකු අත්අඩංගුවට

0
61

කේරළ ගංජා කිලෝග්‍රෑම් නමයක් සමඟ සැකකරුවෙකු ඊයේ(15) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ පොලීසිය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී බස් රථයක මගියෙකු ලෙස ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුගේ ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී අදාළ ගංජා තොගය සොයාගත් අතර, අත්අඩංගුවට ගත් ගංජා තොගය රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනාකමින් යුතු බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ‍ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here