කිරි ගොවින් පවුල් පිටින් සිය දිවි හානිකරගන්න යයි

0
234

පශු  සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් ගොවීන්ට ලබාදුන් ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද කිරි දෙනුන් ගේ ආදායම නොමැති වීම නිසා එම ව්‍යාපාරිකයන් දැඩි අසරණ තාවයකට පත්ව මේ වන විට ලබන එකොළොස් වන දින විට ඔවුන්ගේ දේපල වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබීම නිසා ගොවීන් පවුල් පිටින් සියදිවි හානි කර ගන්නා බව ගොවීහු කියති.

මාතලේ පල්ලෙපොල අලුත්ගම ප්‍රදේශයේ ගොවියෙකු වූ අරුණ සමන් කුමාර කදුරුගස්යාය මහතාගේ පදිංචි ඉඩම නිවස මේවනවිටත් වෙන්දේසි කිරීම සඳහා දැන්වීම් ප්‍රදර්ශනය කොට ඇතැයි ඔවුහු විශේෂ මාධ්‍ය හමුවක් ගොවිපලේ දී කැඳවමින් 06 දින සඳහන් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් කැඳවා තිබූ මෙම මාධ්‍ය හමුවේ දී ගොවිපලේ හිමිකරු වන අරුණ සමන් කුමාර මහතාගේ බිරිඳ ඉනෝකා කුමුදුනී අබේකෝන් මහත්මිය මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් කියා සිටියේ රජය විශ්වාසය කොට කිරි හරක් ව්‍යාපෘතියකට තම සේසතම වියදම් කොට අවසානයේ දී පදිංචි ඉඩම සහ නිවස වෙන්දේසි කිරීම ලබන එකොළොස් වන දින සිදු කෙරෙන බවය. එසේ සිදුවන්නේ නම් තමන් ඇතුළු සියලු දෙනා සිය දිවි හානි කර ගන්නා බව ඇය හඬා වැටෙමින් පැවසුවාය.

රජයේ මගින්  දේශීය කිරි කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා බව පවසමින් පුවත්පත් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට කිරි දෙනක්  රුපියල් ලක්ෂ 5 බැගින් කිරි ලීටර් විස්සකට අධික ප්‍රමාණයක් ලබාගත හැකි බව පවසමින් කිරිහරක් ලබාදුන් බවත් අවසානයේදී එම දෙනුන්ගෙන් කිරි ලීටර් 4 ක් 5 ක් ආදී ප්‍රමාණයක් ලැබුණු බවත් මේ වනවිට එම සතුන් හඳුනා නොගත් රෝගයකින් මිය දීමට පටන් ගෙන තිබෙන බවත් කිරි ගොවීහු මෙහිදී සඳහන් කළහ.

මෙම කිරි හරක් ලබාගත් අරුණ සමන් කුමාර කදුරුගස්යාය මහතා කියා සිටියේ තම පදිංචි ඉඩම නිවාස වෙන්දේසි කිරීම නවතා රජය විසින් තමන්ට ලබාදුන් කිරි දෙනුන් සහ තමන් විසින්   සදා ගත් මෙම ගවගාල් රජය ලබා ගන්නා ලෙසය. තමන් එම ණය මුදල රුපියලක් හෝ ඇහැටවත් දැක නැති බව ඔහු සඳහන් කළේය. ඒ සියල්ල රජයේ පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශයට ණය මුදල ලබාගෙන කිරිහරක් ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී සමස්ත ලංකා කිරිගොවි ජාතික එකමුතුවේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා කියා සිටියේ වහාම රජය මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතු බව ය .එසේ නොවන්නේ නම් කිරි ගොවීන් සමඟ ඇමැතිවරුන් හමු වීම සඳහා වස බෝතල් ද රැගෙන   කොළඹට එන බව ද හෙතෙම සඳහන් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ලබන එකොලොස් වනදා මෙම දේපල වෙන්දේසි කිරීමට බැංකුවලට නොයන ලෙසය. එසේ වූ විට බරපතළ ප්‍රශ්න රැසකට ඔවුන්ටද මුහුණ දීමට සිදුවන බව අවධාරණය කළේ ය. මේ දිනවල ඇමතිකම් ඉල්ලා හඬා වැටෙන මන්ත්‍රීවරුන්ට මෙම හරක් ටික භාරදී ගොපලු ඇමතිකම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය .අති විශාල මුදල් ප්‍රමාණයක් ණය වී එම මුදල් අඩුම තරමේ ගොවියා ඇහැට වත් නොදැක ගොවීන් අමාරුවේ දැමුවේ රජය බවද හෙතෙම සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ කිරි ගොවි කර්මාන්තයේ නියැලී සිටින අරුණ සමන් කුමාර මහතාගේ බිරිඳවන ඉනෝකා කුමුදුනී අබේකෝන් මහත්මිය.

 “මම දඹුල්ල මූලික රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක්. හැමෝම දකින්න ඇති මගෙ  නිවස ආසන්නයේ ඉඩමේ එල්ලලා තියෙන බැනර් එක බැංකුවෙන් මේ බැනර් එක ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ලබන එකොළොස් වන දින ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනවා  කියලා. මගේ ඉඩමයි ගෙදරයි මට දරු තුන් දෙනෙකුත් එක්ක මහ පාරට බහින්න උදාවෙලා තියෙන්නේ. අපි රජය විස්වාස කරල තමයි මේ ණය මුදල් ලබාගෙන අපේ අතේ තිබුණු ලක්ෂ 150ක් විතර මුදල් වියදම් කරලා කිරි හරක් ගත්තෙ දැන් අවුරුදු තුනක ඉඳලා මගේ වැටුප සතයක්වත් මම අතට අරගෙන නෑ.   බැංකුවට කපනවා.

අපි ලොකු ව්‍යාපාරයක්  කරගෙන හිටපු අය .ඇත්තට ම කියනවා නම් දැන් අපේ හිතවත් මාමා කෙනෙකුගේ කඩේකින් ණයට බඩු අරගෙන තමයි එදා වේල  කන්නේ . එකොළොස් වැනිදා ගෙන් පස්සෙ අපිට ඉන්න හිටින්න තැනක් නැති වෙනවා දරුවෝ තුන්දෙනත් එක්ක පාරේ බැහැලා යන්න බෑ හරක් ගාලෙ ඉන්න බෑ ඒ නිසා මම දරුවෝ තුන්දෙනත් එක්ක මගේ ජීවිතේ නැති කරගන්නවා. මහත්තයත් දැන් මානසික ලෙඩෙක් බවට පත් වෙලා අපි යානවාහන තියාගෙන හිටපු මිනිස්සු රජය තමයි අපි මේ තත්ත්වයට ඇදලා දැම්මේ.”

අරුණ සමන් කුමාර  කදුරුගස්යාය මහතා.

 “අපි රජයට කියන්නේ සල්ලි ගෙවන්න බැහැයි කියල නෙවෙයි අපිට හොඳට ගනුදෙනු කොරල පුරුදුයි බැංකුවෙන් ලක්ෂ 100 ක ණයක් අපට දුන්නේ අපේ වත්කම් බලලා, මම රුපියල් ලක්ෂ 150 ක් මේ ව්‍යාපාරයට යෙදෙව්වා බැංකුවෙන් ලක්ෂ සීයක් ගත්තා තියෙන සේසතම දැන් මේ හරකුන්ට වියදම් කරල ඉවරයි.සතුන්  මැරෙනවා,මේ එක සතෙක් කිරි ලීටර් විස්සක් දෙනවා කිව්වා ,එත් දෙන්නෙක් ලීටර් හතරක් හැමදාම වියදම් කරලා වියදම් කරලා දැන් අතේ සතයක් වත් නෑ. ජීවත් වෙන්න මගක් නෑ ලබන එකොළොස් වැනිදා මගේ දේපළ ඉඩම් වෙන්දේසි කරනවා කියලා අපිට බැනර එල්ලලා ගිහිල්ලා තියෙනවා “.

“මේක කියන්න කෙනෙක් නෑ ඒ නිසා රජයට අපි කියන්නේ අපි මේ දාපු අමාරුව නිසා අපිට අද යන එන මක් නෑ. ඒ නිසා කරුණාකරලා මේ අපිට දුන්නු හරක් ටික අරගෙන යන්න ඒ කරලා අපේ ණය ගෙවන්න. අපේ දේපල සින්න කරලා    මේ හරක් එක්ක අපිට වෙන කරන්න දෙයක් නෑ. මගේ බිරිඳයි දරුවොයි සියදිවි හානි කර ගත්තට පස්සේ අපිට ජීවත් වෙලා වැඩක් නෑ ඒ නිසා මුළු පවුල පිටින්ම සියදිවි හානි කරගන්න එකනම් කරනවමයි. එහෙම නැති උනොත් එකොළොස් වැනිදා ට ඇමතිතුමාට බැංකුවේ මහත්තුරුන්ට එන්නේ කියන්න ඉඩම වෙන්දේසි කරන්න ඒ වෙලාවට එක්කෝ ඒ අය එක්කෝ අපේ ජීවිත ඔය දෙකෙන් එකක් බේරෙයි. මේ තත්ත්වයට අපි ඇදලා දැම්මේ රජය. අපි හොඳට  කිරි හරක් ව්‍යාපාරය කරගෙන හිටපු ව්‍යාපාරිකයෝ අද හිඟන්නෝ බවට පත් කරලා තියෙන්නේ මේ කිරි හරක් ජාවාරම අපේ ඇඟේ ගහපු නිසා.”

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා.

  “මේ කිරි හරක් පිටරටවල් වලින් ගෙන්වන වෙලාවේ රජයේ විගණකාධිපති තුමා සඳහන් කළා මේ වැඩේ කරන්න එපා කියලා. අතිවිශාල මුදල් කන්දරාවක් මේකේ අවභාවිතා වුණා කියලා පෙන්වලා දුන්නා. ඒ විතරක් නෙවෙයි මෙරට නැති බෝවන රෝග දෙකක් මේ සත්තුත් එක්ක ලංකාවට ආවා කියලා කිව්වා. මේ සත්තු ලංකාවට සුදුසු නෑ කියලා රජයේ පශු වෛද්‍යවරු පරීක්ෂණ කරලා පෙන්වා දුන්නා .ඒක පිළිගන්න බැහැයි කියපු නිසා එංගලන්තයේ පරීක්ෂණාගාරයට යැව්වා ඒ පරීක්ෂණ වාර්තාවක් ලංකාවට ආවා මේ සත්තු ලෙඩ සත්තු මේ අය හැබැයි ඒ එකක්වත් කනකටවත් ගන්නේ නැතුව රජය අති විශාල මුදලක් වියදම් කරලා ගොවීන්ට මේ ලෙඩ සත්තු ගෙනත් දුන්නා දැන් අවසානයේදී සිද්ධ වෙලා තියෙන්නේ රටේ කිරි කර්මාන්තය විනාශ වෙලා.”

” කිරි කර්මාන්තය පවත්වාගෙන ගිය ව්‍යාපාරික  ප්‍රජාව විනාස කලා. මේක වගකීම මේ රජය විතරක් නෙවෙයි බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ ඉඳලා හිටපු සියලු ඇමතිවරුන් බාරගන්න ඕන හැබැයි අපි කියනවා  එකොළොස් වැනිදා මේ ඉඩම් වෙන්දේසි කරන්න එන්න එපා ආවොත් එතැනදී විශාල කරදරවලට මුහුණ දෙන්න වෙයි. මේ අයගේ හරක් ටික රජය අරන් ගිහිල්ලා මේ අහිංසක ගොවීන් ගේ ණය බේරන්න දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ එහෙම නැති වුණොත් අපි මේක බලාගන්න ක්‍රමවේද කීපයක් තියෙනවා ඒ ක්‍රමවේද වලට යනවා.”

සමස්ත ලංකා කිරි ගොවීන් ජාතික එකමුතුවේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා.

“දිවයින පුරා විසිරී ඉන්න මේ කිරි හරක් මිලදී ගත් ප්‍රබල ව්‍යාපාරිකයන් අද නන්නත්තාර කරලා තියෙන්නෙ . හිටපු අමාත්‍ය හැරිසන් මහත්තයත් සොයිසා මහත්තයා මේකට වගකියන්න ඕන අපි එදා ඉදලම කිව්වා මේ තත්ත්වය උදා වෙනවා කියලා රජයේ මුදල් විශාල වශයෙන් වියදම් කරලා දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කරනවා කියලා.”

” සිද්ධ කළේ බහු ජාතික සමාගම් වල අවශ්‍යතාවයක් කිරි කර්මාන්තය මේ රටේ සම්පුර්ණයෙන්ම විනාශ කළා .ඒ විනාශ කලා මදිවට දැන් කරන්නේ මේ ව්‍යාපාරිකයන්ගේ දේපළ සියල්ල වෙන්දේසි කරල දානව මහපාරට ඇදලා දානවා ඒ අය සියදිවි හානිකරගැනීමේ තත්ත්වයට පත් වෙනවා .ඒ කාලයේ ගොවියො තැන තැන වස බිව්වා දැන් කිරි හරක් රජයෙන් දී කිරි හරක් නඩත්තු කරගන්න බැරුව කිරි ගොවීන් මැරෙන  තත්වයට රජය පත් කළා .අපි කොළඹට එනවා ගොවීන් සමග මේ සැරේ එන්නේ ලිය කියවිලි අරගෙන නෙවෙයි ගොම්බෙටි දිය කර ගෙන එන්නේ. මේ ගණුදෙනුව බේරගන්න ඒ නිසා හැරිසන් ඇමතිතුමාටත් රජයටත් අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් අපි කියනවා කරුණාකරලා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න කියලා”

කිරි ගොවින් පවුල් පිටින් සිය දිවි හානිකරගන්න යයි

කිරි ගොවින් පවුල් පිටින් සිය දිවි හානිකරගන්න යයි" අපි රජය විස්වාස කරල තමයි මේ ණය ගත්තේ "Like Us Citizen.lk..!! Share Video..!!

Posted by Citizen.lk on Sunday, January 6, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here