කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් 07 දෙනාට වැඩ වරදී

0
159

ඓතිහාසික කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගනු ලැබූ අග්නිදිග සරසවියේ සිසුන් 07 දෙනෙක් හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර, මුතුර් ඇතුළු ප්‍රදේශ කිහිපයකදියි.

ඓතිහාසික වටිනාකමකින් යුත් කිරලාගල ස්ථුපය මත නැගී ජයාරූප ගනු ලැබූ මෙම පිරිස සොයා ගැනීම සඳහා හොරොව්පොතාන පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබුනා.

පොලිස් භාරයට ගනු ලැබූ මෙම සිසුන් 07 දෙනා මේ වන විට හොරොව්පොතාන පොලිසිය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here