කැපිටල් ට‍්‍රස්ට් ” ටැක්සියක්” තම සමාගම් ජාලයට එක්කර ” ටැක්සිය” දියත් කරයි

0
302

2019 මාර්තු 28- කැපිටල් ට‍්‍රස්ට් හෝල්ඩින්ග්ස් හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන කැපිටල් ට‍්‍රස්ට් මොබිලිටි සොල්යුෂන්ස් පුද්ගලික සමාගම ප‍්‍රවාහන සේවාවේ නව විප්ලවීය වෙනසක් සිදුකරමින් ආරක්ෂාව,විශ්වාසය හා පාරිභෝගික සුවපහසුව සහතික කළ එසේම රියැදුරන්ට වැඩි ප‍්‍රතිලාභ ලබාදෙන ”ටැක්සිය” මොබයිල් ටැක්සි සේවාව ආරම්භ කළ බව අභිමානයෙන් දැනුම් දෙනු ලබයි. කැපිටල් ට‍්‍රස්ට් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් මෙසේ තම සමාගම් ජාලයට එක්කොට ගත්තේ කලින්”ටැක්සියක්” නමින් පැවති මගී සේවාවයි.

මීට වසර දෙකකට පෙර ”ටැක්සියක්” සමාගම විසින් තම සේවාව වෙළෙඳපොළට හඳුන්වාදෙමින් ලබා ගත් අත්දැකීම් හා පරිණත බව මෙම කාර්යය සාර්ථක බව කෙරේ විශාල බලපෑමක් සිදුකළ බව සමාගම ප්‍රකාශ කරයි. ඒ ඔස්සේ නවතම තාක්ෂණය මනාව හසුරුවමින්, මගී අවශ්‍යතා සහ රියැදුරු ගෙවුම් කටයුතු වඩා නිරවුල් සහ වේගවත් ආකාරයෙන් ඉටුවන පරිදි ස්වකීය වෙබ් අඩවිය, දුරකථන ඇමතුම් මධ්‍යස්ථානය සහ Taxiya ඔස්සේ මගී ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට නවමානයක් බිහි කිරීමටල තම නව වෙළෙද සන්නාමය වූ ”ටැක්සිය”යටතේ කැපිටල් ට‍්‍රස්ට් මොබිලිටි සොල්යුෂන්ස් සමත් වී ඇත.

ටැක්සියක් සේවාව එහි නමින් හඳුන්වාදෙන ආකාරයටම සියයට සියයක්ම ශ‍්‍රී ලාංකික සේවා සැපයුමක් වේ. මගී පාරිභෝගිකයින්ට දැරිය හැකි ගාස්තුවක් හඳුන්වා දෙමින්, රියැදුරන්ටද උපරිම ප‍්‍රතිලාභ හිමිවන සේවාවක් ලෙස මෙම සේවාව නව මුහුණුවරකින් වෙළෙඳපොළට ප‍්‍රවේශවනු ඇත.

එසේම ලංකාවේ පළමුවරට හඳුන්වා දෙන යතුරු පැදි ප‍්‍රවාහන සේවය’ “Taxiya bike ” පාරිභෝගිකයන්ට නව අත්දැකීම් ලබාදෙනු ඇති අතර, මාර්ග තදබදයටද එය කදිම විසඳුමක් වනු නොඅනුමානය. ඉදිරියේදී ස්වකීය වාහන සංඛ්‍යාව තවදුරටත් වැඩිකර ගනිමින් පාරිභෝගිකයින් මූලික කොටගත් සාධාරණ සහ විශිෂ්ටවූ සේවයක් ලබා දීමට ” ටැක්සිය” සේවාව බලාපොරොත්තු වෙයි.

”ටැක්සිය” සේවාව හා සම්බන්ධ වන සෑම රියැදුරකු සඳහාම ආකර්ෂණීය දිරි දීමනා රැසක් සහ නොමිලේ මූල්‍ය හා නීති උපදේශන සේවා සහාය ලබා දීමටත්, එසේම විශේෂිතවූ පුහුණුවක් ලබා දීමටත් කටයුතු සැලසුම් කොට ඇත. මෙම විශේෂ පුහුණුව යටතේ මිත‍්‍රශීලී බව සහ ආචාරශීලී බව යන කරුණුු සම්බන්ධයෙන් සුවිශේෂ දැනුවත් බවක් රියැදුරන්ට ලැබෙනු ඇත. එවන් පුහුණුවක් සහිත රියැදුරකු හා ගමන් කිරීමෙන් පාරිභෝගිකයාට ”තමා දන්නා කියන ටැක්සියක” ගමන් කරන වාහාන සමාන සුරක්ෂිත බවක් නිසැකවම දැනෙනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

ටැක්සිය සේවාව තවත් එක් ප‍්‍රවාහන සේවාවක් නොවන අතර එමගින් වෙනත් ප‍්‍රවාහන සේවාවකින් නොලැබෙන විශේෂිත වූ සේවාවන් රැසක් මගී ජනතාවට පිරිනැමෙනු ඇත.

මෙම සේවා පහසුකම් අතර පාරිභෝගිකයා කැමතිම රියැදුරු තෝරා ගැනීම විශේෂිත වේ. එහිදී Taxiya app එක හරහා ඔබ සේවාව ඉල්ලූ විට ඔබ යම් රියැදුරකු කැමතිම රියදුරු ලෙස නම් කර ඇත්නම් ඔහුට ඔබගේ ඇමතුම පළමුව සම්බන්ධවේ. එසේම ට්‍රිප් ඇන්ඩ් ටුවර් මගින් ඔබට දින කීපයක සංචාරයක් ටැක්සිය සේවාව හා සැලසුම්කිරීමේ හැකියාවපවතී. තවද”ෆැමිලි ෆීවර්” පහසුකම මගින් තමන්ගේ ළබැඳියන් ” ටැක්සිය ” සේවාව භාවිතයේදී ඔවුන්ගේ ගමනාන්තය දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාවද පාරිභෝගිකයාට හිමිවේ.

මේ සම්බන්ධව අදහස් දක්වන කැපිටල් ට‍්‍රස්ට් මොබිලිටි සොල්යුාෂන්ස් හි සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාන් වික‍්‍රමසිංහ මහතා, ප‍්‍රකාශකොට සිටියේ” ශ‍්‍රී ලංකාවේ මිලියන 1.1 ක් වන ත්රිාරෝද රථත්, මිලියන 4.1ක් වන යතුරුපැදිත් ,මිලියන 0.8 ක් වන සෙසු වාහනත් අතුරින් app හා සම්බන්ධව දිනපතා සක්‍රීයව පවතින්නේ 50,000 කටත් වඩා අඩු වාහන සංඛ්‍යාවක් නිසා මෙය තව දුරටත් වර්ධනය කල හැකි හොඳ වෙළෙඳ පොළක්” බවයි.

”පොදු ප‍්‍රවාහන සේවය තුළින් පාරිභෝගිකයා බලාපොරත්තු වන විශ්වාසය ,ආරක්ෂාව සුව පහසුව සහ කාලය ඉතිරි කර ගැනීම යන කරුණු සපුරා ලීමට අපොහොසත්ව තිබෙනවා.

එපමණක් නොවෙයි සමහර පෞද්ගලික සේවා සැපයුම් තුළින් පවා පාරිභෝගිකයන් මෙන්ම රියැදුරන්ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මෙම තත්වය හොඳින් වටහා ගනිමින් සියයට සියයක්ම ශ‍්‍රී ලාංකික සමාගමක් වන අප සමාගම”ටැක්සිය” සේවාව තුළින් පාරිභෝගිකයාට විශ්වාසදායී, ආරක්ෂිත, සුවපහසු හා ඉක්මන් සේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමට සමත්ව තිබෙනවා. එමෙන්ම නවීනතම ඩිජිටල් තාක්ෂණික ව්‍යවසායකත්වය තුළ කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක්” බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

මේ පිලිබඳ අදහස් දක්වමින් එයාපෝර්ට් ට‍්‍රැවල් හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ හනීෆ් ඊබ‍්‍රාහිම් මහතා කියාසිටියේ ”කැපිටල් ට‍්‍රස්ට් හෝල්ඩින්ග්ස් වැනි සමාගමකට නවීන තාක්ෂණික දැනුම ලබා දී මගී ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ නව මානයකට එය රැගෙන යෑමට ලැ බීම තමා ලද භාග්‍යයක් බවයි.

වර්ෂ 1991 දී කොටස් වෙළෙඳ පොළ තැරව්කාර ආයතනයක් ලෙස මූල්‍යක ක්ෂේත‍්‍රයට එක් වූ කැපිටල් ට‍්‍රස්ට් හෝල්ඩින්ග්ස් සමාගම මේ වන විට විවිධ ව්‍යාපාර ක්ෂේත‍්‍ර ගණනාවක් කරා ව්‍යාප්ත වී ඇත.

දේපළ වෙළෙඳාම, ආන්තික ණයසැපයුම්, ආයෝජන උපදේශනය, වත්කම් කළමනාකරණය, අධ්‍යාපනය සහ ඇසුරුම්කරණය යනාදී ක්ෂේත‍්‍ර ගණනාවක අනුබද්ධිත ආයතන 34 ක් මෙම සමාගම හාව්‍යාප්තව පවතී.මීට අතිරේකව වර්ෂ 2018 දී Asia s Greatest Brands & Leaders සම්මාන උළෙලේදී විවිධාංගීකරණ කාණ්ඩය යටතේ ආසියාවේ විශිෂ්ටතම සන්නාම සහ නායකත්ව යන සම්මානයෙන්ද කැපිටල් ට‍්‍රස්ට් හෝල්ඩින්ග්ස් පිදුම් ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here