ක්‍රෙඩිට් කාඩ් යන්ත්‍රයෙන් පහර දී නවසීලන්ත ප්‍රහාරකයා මෙල්ල කර ජීවිත රැසක් බේරා ගත් වීරයා – Photos

0
1184

මුළු ලොවක් කම්පා කරමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගිය පිරිස අතර අවුරුදු 3 සහ 4 හැවිරිදි දරුවන් දෙදෙනෙක්ද සිටින බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර තුවාල ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 50ක් වන බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් එරට පොලිසිය සඳහන් කරනවා.

මෙම ම්ලේඡ ප්‍රහාරය සිදු කර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් මෙම ප්‍රහාරය ඔහු විසින් තනිවම මෙහෙයවා ඇති බවට නවසීලන්ත පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරනවා.

ඔහුට අමතරව අත්අඩංගුවේ පසුවන අනෙක් සැකකරුවන් තිදෙනා මෙම ප්‍රහාරයට සෘජු සම්බන්ධයක් නොමැති අතර ඔවුන් තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිමේ කටයුතු සිදු කරන බවයි සඳහන් වන්නේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිට වඩා පිරිසක් මිය යාමට ඉඩ තිබු අවස්ථාව වලක්වාලිමට සමත් වු එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අද කරුණු අනාවරණය කර තිබෙනවා. ඒ තුවක්කුකරුගේ දෙවන ඉලක්කය වු ලීන්වුඩ් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කරමින් ඇතුල්විමට උත්සහ දැරිමේදි ඒ අසල සිටි අබ්දුල් අසීස් නම් පුද්ගලයෙක් විසින් තුවක්කුකරුගේ අතට “ක්‍රෙඩිට් කාඩ්” මැෂිමකින් පහරදි ඔහුගේ තුවක්කුව බිම දැමූ පුවතක්.

නොසිතු මොහොතක එල්ලවු ප්‍රහාරයෙන් පසු තමාට පහරදුන් පුද්ගලයා පසු පස දිව යාමේදි තුවක්කුකරුවු බ්‍රෙන්ටන් ටෙරන්ට් අත රැඳි ගිනි අවිය බිම වැටි ඇති අතර, ඉන් අනතුරුව ඔහු සිය කාර් රථයට දිව ගොස් තවත් තුවක්කුවක් සහ අමතර පතොරම් රැගෙන ඒමට උත්සාහ කර තිබෙනවා.කෙසේ නමුත් එම අවස්ථාවෙදි එම ස්ථානයට පැමිනි නවසීලන්ත පොලිසියේ නිළධාරින් දෙදෙනෙක් විසින් බ්‍රෙන්ටන් අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබෙනවා.

අබ්දුල් අසීස් නම් එම පුද්ගලයා සිදුකළ ක්‍රියාව හේතුවෙන් සිදුවිමට ගිය විශාල ජිවිත හානියක් අවම කර ගැනිමට හැකිවු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here