ක්‍රිකට් නිලවරණවයට තරග කරන්න මොහාන්ට සහ රවීන්ට අවස්ථාවක් හිමිවෙයි

    හෙට(21) දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී මොහාන් ද සිල්වා මහතාට ලේකම් තනතුර සඳහා ද රවීන් වික්‍රමරත්න මහතාට උප සභාපති සහ සහකාර ලේකම් තනතුරු සඳහා ද තරගවැදීම සඳහා බාධාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍යවරයා අද(20) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

    ක්‍රිකට් නිලවරණය සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබීය.

    එහිදී අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය මහතා මේ බව අධිකරණයට දැනුම් දුන් බව වාර්තා වෙයි