කටුනායක, සිදූව අතර ගණිකාවන් 8ක් පොලීසියට මාට්ටු

0
211

කටුනායක, සිදූව නගරයේ ගණිකා නිවාස 8ක් පොලීසිය විසින් වටලා කාන්තාවන් අට දෙනෙක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්  අත්අඩංගුවට ගෙන තිබේ.

අද(28) උදෑසන කළ  සීදුව නගර සභා නිලධාරීන් හා පොලීසි විසින් සිදු කළ මෙහෙයුමකදී අදාළ ගණිකා නිවාස 8ට වටලා ඇති බවයි.

අදාළ ගණිකා නිවාස පවත්වා ගෙන ගොස් ඇත්තේ සම්භාහන ආයතන ලෙස වන අතර අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 39,31 හා 28 යන වියේ පසු වන බව අප වාර්තාකරු සඳහන් කළේය.

සීදුව නියෝජ්‍ය නගරාධිපති චමිත් නිශාන්ත ප්‍රනාන්තු මහතා සඳහන් කළේ මෙවැනි බලත් නොමැති සම්බාහන ආයතන අටක් ඇතිබවයි. සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here