ඕස්ට්‍රේලියා තරඟවාලිය ජය ගැනීම සඳහා පිතිකරණ පුහුණුකරු වෙනස් කරයි

0
123

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර කැන්බරා පිටියේ පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන ජෝන් ලුවිස් මහතා පුද්ගලික කාරණයක් හේතුවෙන් නිවාඩු ලබාගෙන ඇති හෙයිනි. ලුවිස් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත්තේ ආරම්භවීමට නියමිත දකුණු අප්‍රිකානු සංචාරයට පෙරය.

ඒ අනුව කැන්බරා ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

නිමා වූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම අතර පැවැති එක්දින තරගාවලිය 5-0ක් ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජයගත් අතර එහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ අවිශ්ක ගුණවර්ධනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here