ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ශ්‍රී ලාංකිකයා

Australian Financial Review වාර්තා කරන පරිදි ඕස්ට්‍රේලියාවේ ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායකවරයා (CEO – Chief Executive Officer) වශයෙන් Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනී ෂෙමාරා වික්‍රමනායක පත්ව තිබේ.

මෙම සමීක්ෂණය OpenDirector නම් දත්ත සමාගම විසින් මෙහෙයවා ඇති අතර ඊට අනුව ඩොලර් මිලියන 18 ක ගෙවීමක් ඇය වාර්ෂිකj ලබන බව අනාවරණය වී ඇත. ඕස්ට්‍රේලියාවේ ලැයිස්තුගත සමාගම් හි වාර්ෂික වාර්තාවල සඳහන් මුළු වැටුප මත පදනම්ව එරට ඉහළම ගෙවීමක් ලබන ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනා පෙළගස්වනු ලබයි.

මෙම 50 දෙනාගේ ලැයිස්තුවට ෂෙමාරා වික්‍රමනායකට අමතව තවත් කාන්තාවක් තිදෙනෙකු පැමිණ ඇත. එනම් Coca-Cola Amatil ප්‍රධාන විධායක Alison Watkins ($4.1 million), Mirvac Group ප්‍රධාන විධායක Susan Lloyd-Hurwitz ($4.8 million), සහ Fortescue Metals ප්‍රධාන විධායක Elizabeth Gaines ($5 million) ලෙසිනි.

2018 ජූලි මාසයේ දී Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් ඇය වැඩ භාර ගනු ලැබූයේ Macquarie ඉතිහාසයේ එම තනතුරට පත් පළමු කාන්තාව බවට පත්වෙමිනි. එමෙන්ම වෙළෙඳපොළ වටිනාකම අනුව ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම් 20 තුළ ප්‍රධාන විධායක තනතුරක් දරන එකම කාන්තාව වන්නේ ද ෂෙමාරා වික්‍රමනායක යි.

1962 දී එංගලන්තයේ දී උපත ලද ෂෙමාරා වික්‍රමනායකගේ පියා ශ්‍රී ලාංකිකයෙකි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න