ඔස්ටෙ‍්‍රලියාව හමුවේ ලංකාවට දැවැන්ත පරාජයක්

0
144

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුනු 40ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියා කන්ඩායම මීට සුලු වේලාවකට පෙර සමත් වුණා.

පෙරේදා ආරම්භ වූ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 144ක් රැස් කළා.

ඔස්ටෙ‍්‍රලියාව සිය පළමු ඉනිම සදහා රැස් කල ලකුණු සංඛ්‍යාව 323ක්.

ඒ අනුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 179ක් පසුපසින් දෙවන ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 139ක් පමණයි.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුණේ ලහිරු තිරිමාන්නයි.
ඔහු රැස් කල ලකූණු සංඛ්‍යාව 32ක්.

දුර්වල ක්‍රිඩා විලාසයක් පෙන්නුම් කල ශ්‍රී ලංකා පිතිකරුවන් 6දෙනෙකු ලකුණු 10සීමාව පසු කිරීමට පෙර දැවී යාම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුනු 40ක ජයක් ඕස්ට්‍රේලියාව හිමිවුණා.

අතර දෙවන ටෙස්ට් තරගය ලබන මස පළමුවනදා කැන්බරා හිදී ආරම්භ වීමට නියමිතයි.