එජාපය නැවතත් ජාතික ආණ්ඩුවක් සෑදීමේ සූදානමක

පවතින දේශපාලන තත්වය මත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු සමග ඒ පිළිබද සාකච්ඡා කර ඇති බවත් එම දෙපාර්ශවය අතර ඉකුත්දා සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ අනුව ඔවුන් ජාතික ආණ්ඩුව පිහිටුවීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයට සහය දීමට ද එකගතාව පළ කර ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටින්නේ