එජාපය එක්ක හවුල් ආණ්ඩුවක් ආයේ කරන්නේ නෑ – ජනපති

0
145

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (13) රාත්‍රීයේ ප්‍රකාශ කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟින් එක්ව කටයුතු කරන්නට තමන් අකමැති බවයි ඔහු මෙහිදී මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඇත්තේ.

තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය රටට එරෙහි වැඩපිළිවෙළ වැළැක්වීමට බවත් එක්සත් ජාතික පක්ෂය නැවත බලය ලබා ගෙන රටට කිරීමට යන විනාශය වැළැක්වීමට සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අද විභාගයට ගැනෙන අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුවක් ලැබීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද (14) රාත්‍රීයේද රැස්වීමට එහිදී තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here