එජාපයට පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට අසීරු බවක් පෙනෙනවා – ජනපති කියයි

0
154

ජනාධිපතිවරණයකට පෙර පලාත් සභා මැතිවරණයකට සුදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙනවා

එහිදී අදහස් දැක්වූ ජනාධිපති තුමා ප්‍රකාශ කළේ එජාපය පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට
අසීරු බවක් පෙනී යන බවයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඌව සහ මධ්‍යම පලාත් සංවිධායකවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.

පලාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමගද සාකච්ඡා කළ බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ.