එක් ඉණිමක කඩුලු 10ක් ලබාගෙන මලින්දගෙන් වාර්තාවක්

0
123

ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමිනුයි.

කොළඹ කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් සැරසන් කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 10 ම ලකුණු 37කට දවා ගැනීමට මලින්ද සමත්වී ඇති අතර ඔහු විසින් අඛණ්ඩව පන්දුවාර 18.4ක් යොමුකරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්වී ඇත.

1991 වසරේදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙම දක්ෂතාව මීට පෙර දක්වා තිබුණු අතර ඔහු සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් කලුතර කණ්ඩායමට එරෙහිව ලකුණු 41ට කඩලු 10ක් දවාගෙන තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here