උපන් ගම එකම මළගෙයක් වෙද්දී ලක්මව ජයග්‍රහනයක් ගෙන ආ කටානේ විදූෂා – Photos

0
229

දෝහා කටාර් හි පැවැත්වෙන 23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මීගමුවේ ලක්ෂානි සමත්වුණා.

මෙය මෙවර ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කමයි.

ඇගේ ජයග්‍රහනය පිළිබඳව ඇයට සතුටු වීමට හැකි නොවන්නේ ඇයගේ උපන් ගම ත්‍රස්තයින් විසින් මළ ගමක් කළ නිසාය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විදූෂාගේ ගුරුවරුන් සහ මිතුරන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ජයග්‍රහනය ලැබූ ඇය මෙලෙසින් අදහස් දැක්වීය. – මගේ උපන්ගම වුණු මීගමුවේ සිදුවීමෙන් විපතට පත්වූන්ට වගේම මගේ ලංකාව වෙනුවෙන් මේ පදක්කම මම පුද කරනවා.