ඉන්දුනීසියාවට සුනාමියක් – පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට – Photos

0
295

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් සුනාමි තත්ත්වයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.මෙම සුනාමියෙන් තව ත් පුද්ගලයන් 165 දෙනෙකු තුවාල ලැබූහ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දුනීසියාවේ ක්‍රකටෝවා ගිනි කන්ද පිපිරීමෙන් පසුව මුහුදු පතුලේ හටගත් නායයාම් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය හටගෙන ඇති බවට සැකපළවන බවයි.

සුනාමි රළ හටගැනීමට හේතුව එම ගිනි කඳු පිපිරීම දැයි සොයා පරීක්ෂණ පැවැත්වෙන බව ද ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කළහ. ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කෙරෙන ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්දා සමුද්‍ර සන්ධිය පිහිටා තිබේ.