ඉන්දීය ක්‍රීඩක අම්බති රයිදුගේ පන්දු යැවීම තහනම් කරයි

0
150

ඉන්දීය තුන්ඉරියව් ක්‍රීඩක අම්බති රයිදුට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඊයේ(28) පියවර ගෙන තිබේ.

ඒ, ඔහු පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ නොදීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියාව සමඟ නිමා වූ එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල විය.

ඒ අනුව අම්බති රයිදු විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට දින 14ක් තුළ දී මුහුණ දීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් එම කාලය තුළ දී අම්බති රයිදු අදාළ පරීක්ෂණයට මුහුණ නොදීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව ඔහු පන්දු යැවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට මුහුණ දී සිය ඉරියව්ව නිවැරදි බව සනාථ කරන තෙක් අම්බති රයිදුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here