ඉතියෝපියා ගුවන් අනතුරට මුහුණ දුන් බෝයිං 737 මැක්ස් ගුවන් යානා සියල්ල අත්හිටුවීමට නිෂ්පාදක සමාගම තීරණය කරයි

0
261

ඉතියෝපියානු ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් නවතම සාක්ෂි අනාවරණය වීමෙන් පසු බෝයිං 737 මැක්ස් මාදිලියේ සියලු ගුවන් යානා භාවිතය අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබේ.

ඇමෙරිකානු සමාගමක් වන බෝයිං නිවේදනය කර සිටියේ තමන් නිෂ්පාදනය කර ඇති බෝයිං 737 මැක්ස් ගුවන් යානා 371 ම තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරන බවය.

මෙම තීරණයට එළඹීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් නවතම සාක්ෂි ද බලපෑ බව ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය පැවසුවේය.

බොහෝ රටවල් එම ගුවන් යානා භාවිතය අත්හිටුවීමට කඩිනම් පියවර ගනිමින් සිටියදී, ඇමෙරිකානු ෆෙඩරල් සිවිල් ගුවන් සේවා අධිකාරිය එම පියවර ගැනීම පමා කර තිබිණි.

පසුගිය ඉරිදා ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේදී සිදු වූ මෙම ගුවන් අනතුරෙන් පුද්ගලයින් 157 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here