ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට

0
91

ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

බඩක්ෂාන් නම් ප්‍රාන්තයේ ගම්වාසීන් රන් සෙවීමේ අරමුණින් මීටර් 60 ක් පමණ ගැඹුරට කැනීම් කර තිබූ පතලක් මෙලෙස කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් තව ත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එරට ආරක්ෂක අංශ සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ කම්කරුවන් 13 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් වූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here