ඇමති කිරිඇල්ල හාමුදුරුවන්ට බැණ වැදුණ හැටි – දර්ශන සහිතයි

0
374

ගම්පොළ-නාවලපිටිය මාර්ගයේ මරියවත්ත මංසන්ධියේ දී ප්‍රදේශවාසීන් එක්ව අද(03) උද්ඝෝණය ව්‍යාපාරයක් පැවැත් විය.

ඒ මරියාවත්ත ප්‍රදේශයේ සිට උඩගම දක්වා දිවෙන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලමිනි.

ඒ සඳහා ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක් එක්ව සිටි අතර, විරෝධතාකරුවන් අතරට මහා සංඝරත්නයද එක්ව සිටියේය.

එහිදී ඉන් එක් හිමි නමක් විසින් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත දුරකථනයෙන් සිය ගැටළුව පවසා සිටියි.

ඒ මොහොත වන විටත් ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවති අතර, විරෝධතාවය නොනවත්තා සිදු කරන බව ද එම හිමි නම අමාත්‍යවරයාට පැවසීය.

මාර්ගය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ද හිමි නම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර, එහිදී සියලු දෙනාට ඇසෙන ලෙස අමාත්‍යවරයා විසින් දුරකථනයෙන් හිමිනමට පරුෂ වචනයෙන් බැන වැඳුණි.

එම අවස්ථාවට එක්ව සිටි සෙසු භික්ෂුන් වහන්සේ මෙම ක්‍රියාවට කෝප ගැන්වී කථා කරනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, රජය ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට මෙවැනි පහත් ආකාරයෙන් කථා කරමින් හැසීරිම හෙළා දකින බවයි.

ඇමති කිරිඇල්ල හාමුදුරුවන්ට බැණ වැදුණ හැටි

ඇමති කිරිඇල්ල හාමුදුරුවන්ට බැණ වැදුණ හැටි Like Us : Citizen.lkShare this video..!!

Posted by Citizen.lk on Wednesday, April 3, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here