ආරම්භක පිතිකරුවන්ගේ වෙනසක් – අවසන් තරඟය සඳහා ශ්‍රි ලංකාව සුදානම් වෙයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර තුන්වන සහ අවසන් 20 යි 20 කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග්හිදී අද (24) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.00ට ආරම්භ වීමට නියමිතයි. තරග 03කින් සමන්විත මෙම තරගාවලිය 2 ට 0ක් ලෙස දකුණු අප්‍රිකාව ජය ගෙන සිටිනවා.

අද තරගයේදී ආරම්භක පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු වෙනුවට සධීර සමරවික‍්‍රම ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවටයි වාර්තා වුණේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න