ආයෙත් ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියෙන්නේ නෑ – මාලිංග හා තිසර එක් තීරණයකට එයි

0
719

පසුගියදා ෆේස්බුක් ඔස්සේ විවිධ පුවත් මැවුනේ තිසර පෙරේරාගේ හා ලසිත් මාලිංගගේ බිරින්දෑවරුන් විසින් ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් වලින් තැබූ මතභේදාත්මක සටහන් කිහිපයක් පිළිබඳවයි. මෙහිදී එක් පාර්ශවයකගෙන් අනෙක් පාර්ශවයට එල්ලවූ උසුළු විසිළු අවසානයේ දුරදිග ගොස් ක්‍රීඩාලෝලීන් පවා එයට පිළිතුරු ලබා දී තිබුණි.

කෙසේ නමුත් මේ පිළිබඳව තිසර පෙරේරා හා ලසිත් මාලිංගගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රශ්න කර තිබේ. එහිදී ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ නැවතත් මෙවැනි දෙයක් සිදු නොවන්නට තමන් වගබලා ගන්නා බවයි.

මාලිංගගේ බිරිඳ විසින් Poor Panda ලෙසින් අන්වර්ථනාමයක් යොදා එක් ක්‍රීඩකයෙකුට දෝෂාරෝපණ එල්ලවන පරිදි ඇයගේ ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබා තිබීම මෙම අර්බුදයේ ආරම්භය වූ අතර පසුව තිසර පෙරේරාගේ බිරිඳ විසින්ද එයට පිළිතුරු සපයා තිබුණේ ඇයගේ ෆේස්බුක් ගිණුම තුලිනුයි. මේ අතර තිසර පෙරේරාද ට්විටර් පණිවුඩයක් තබමින් පවසා සිටියේ ප්‍රශ්න ඇති නොකරගෙන තමන්ට පාඩුවේ ක්‍රීඩාකරගෙන යන්නට අවස්ථාව ලබාදෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here