ආබාධය හේතුවෙන් කුසල් ජනිත් දකුණු අප්‍රිකා සංචාරයෙන් ඉවත් කරයි

0
247

දකුණු අප්‍රිකාව සමග ඊයේ (10) පැවති තෙවන එක්දින තරගයේදී පාදයේ අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

කුසල් ජනිත් පෙරේරා ගෙන් හිස්වන සංචිතය සඳහා ආදේශක ක්‍රීඩකයෙක් යැවීමට පියවර නොගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තවත් එක්දින තරග දෙකක් සහ විස්සයි 20 තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.