අවසන් පන්දුව නිපන්දුවක් බව විනිසුරු නොදකී – වසර 2කට පසු පැමිණ මාලිංග මුම්බායි පිලට ජය ගෙන දෙයි

0
619

වසර දෙකකට පසු පළමු වරට සහභාගි වූ IPL තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය හිමිකර දීමට ලසිත් මාලිංග සමත්ව තිබෙනවා. ඊයේ (28) පැවති තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 187 ක් රැස් කළ අතර මෙම තරඟයේ ප‍්‍රතිවාදී පිල වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා බැංගලෝර් පිලට ලකුණු 17ක් අවශ්‍ය වූ අතර පිතිකරුවන්ගේ ප්‍රහාරත්මක පිතිහරඹය හමුවේ අවසන් පන්දුවාර 3ට ලකුණු 37ක් ලබාදී තිබූ ලසිත් මාලිංග හට එම අවසන් පන්දුවාරය ලබාදීමට මුම්බායි පිලේ නායකයා තීරණය කරනු ලැබුවා.

ඒ අනුව මාලිංග එම පන්දුවාරයට ලබාදුන්නේ ලකුණු 10ක් පමණයි. තරඟයේ අවසන් පන්දුවට ලකුණු 7ක් රැස් කිරීමට තිබූ අතර එය බැංගලෝර් පිලට ලබාගත නොහැකි වුණා. නමුත් පසුව නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවූයේ මාලිංගගේ අවසන් පන්දුව නිපන්දුවක් බවයි. ප‍්‍රධාන විනිසුරු එය නිපන්දුවක් ලෙස නොදැකීම පසුව දැඩි කතා බහට ලක් වුණා.