අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය අදයි

0
50

අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍රය සිංහල හා දෙමල අලුත් අවුරුදු උදාව හෙට (14) සිදු වීමට නියමිතයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවනු ඇති.

මෙවර අවුරුදු නැකැත් චාරිත්‍ර වලට අනුව හෙට අපර භාග 2.09ට සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය හෙට දින පුර්ව භාග 7.45 සිට හෙට දින අපර භාග 8.33 දක්වා වන බැවින් හෙට දින පූර්ව භාග 7.45ට පෙර ආහාර පාන ගෙන, සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල නිරත වීම සුදුසු බව නැකැත් චාරිත්‍ර වල සඳහන් වන්නේය.

අප්‍රේල් මස 14 වන ඉරිදා එනම් හෙට දින අපර භාග 2.42 ට කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිහාව බලා, ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් සමඟ අග්ගලා සහ කැවිලි ආහාරයක් පිළියෙල කරගැනීම මැනවැයි ජ්‍යෝතිෂයේ සඳහන් වේ. හෙට අපර භාග 03.54ට රතු සහ කහ වර්ණ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියළු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදුකල යුතු වේ.

හිසතෙල් ගෑමේ චාරිත්‍රය යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වන බදාදා දින පූර්ව භාග 07.40 ට යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here