අමෙරිකා ක්‍රිකට් ආයතනයට ICCයේ සාමාජිකත්වය හිමි වෙයි

0
187

අමෙරිකා එක්සත් ජනපදයට ක්‍රිකට් වරම් හිමිකර දීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කි‍්‍රකට් වරම් හිමිවූ ලොව 105 වන රට වන්නේ අමෙරිකාවයි. එහෙත් ඔවුන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබාදී නැහැ.

ඒ අනුව ලොවපුරා සිටින පූර්ණ සාමාජිකත්වය නොමැති ක්‍රිකට් වරම් ලැබූ 93 වන රට අමෙරිකාව වනවා.

අමෙරිකාවේ ක්‍රිකට් ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු සිදුකළේ 2017 වසරේදීයි. මාස 18 ක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිවීම විශේෂත්වයක්. මේ අනුව අමෙරිකාව තුළ දේශීය සහ ජාත්‍යන්තර තරග පැවැත්වීමටද අවකාශ හිමිවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here