අම්බලන්තොටදී පුතා විසින් තම පියා මරයි

0
43

අම්බලන්තොට පහල බැරගම ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුතෙකු විසින් තම පියා ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.

මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ මල් පෝච්චියකින් සිදු කළ පහරදීමකින් බවට වාර්තා වෙයි.

බරපතල තුවාල ලැබු පියා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 56 හැවිරිදි අම්බලන්තොට පහළ බැරගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ පුත්‍රයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here