අපේ ගමේ අය ගෙදරට ඇවිත් සුභ පතලා ගිහින්, අම්මට ගොඩක් සතුටුයිලු – ප්‍රථම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ගැන තරිඳු හා චාමිකා කියන කතාව

0
303

රාවණා-1 පර්යේෂණ චන්ද්‍රිකාව අද අළුයම කක්ෂගත කෙරුණු අතර එය දින එක හමාරකින් පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමට නියමිතයි. මෙම චන්ද්‍රිකාවේ සම නිර්මාණකරුවෙකු වන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරු තරිඳු දයාරත්න පවසා සිටින්නේ මෙය සිකුරාදා පස්වරු 6.30 වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට නියමිත බවය.

රාවණා 1 චන්ද්‍රිකාව ලබන ජූනි මාසයේ මැද භාගයේදී කක්ෂගත කිරීමට මූලිකව සැලසුම් කර ඇතැයි ද ඔහු පවසා සිටිනවා.

“පොඩි කාලේ ඉඳලා අභ්‍යවකාශය ගැන ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්තත්, මම කවදාවත් හිතුවේ නෑ අපි ම හදපු චන්ද්‍රිකාවක් යවන්න පුළුවන් වෙයි කියලා. මුලින් ටිකක් චකිතයකින් හිටියේ රොකට් එක යනකම්. ඒත් ඒක සාර්ථකව පිටත් වුණා ම ලොකු සතුටක් ඇති වුණා,”

“මේක ගැන මුළු ශ්‍රී ලංකාව ම සුබ පතනවා. විශේෂයෙන් ම කෑගල්ලේ තියෙන අපේ ගෙදරට ගමේ ම අය එකතු වෙලා ගොඩක් ආඩම්බරයෙන් ඒ ගැන කතා කරනවා කියලා අම්මලා කිව්වා. මට ලොකු සතුටක් දැනෙනවා මේ ගැන.”

“බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරපු සෑම රටක ම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සමරන්න ලබන ජූනි මාසයේදී විතර ජපාන අභ්‍යවකාශ ඒජන්සියේ උත්සවයක් තියෙනවා. ඒකට අදාළ රටේ ඉහළ නිලධාරියෙක් සහභාගි වෙන්න ඕන. මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය අවධානයක් යොමු කරනවා නම් ඒක ඉදිරි ව්‍යාපෘතිවලටත් හොඳයි.”

මේ පිළිබඳව දුලානි චාමිකා විතානගේද මෙසේ අදහස් දක්වා තිබුණි.

රොකට් එක සාර්ථකව ගියාට පස්සේ ලොකු සතුටක් දැනුණා. මේක මගේ සිහිනයක් සැබෑ වීමක්. මගේ එක ම අරමුණ අභ්‍යවකාශය ගැන තවදුරටත් ඉගෙන ගෙන ඒ සම්බන්ධ කටයුතුවලට දායක වෙන එකයි,”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here