අධික ශබ්ද සහිත නලා , විවිධ බල්බ සවි කර ඇති බස් රථ වැටලීමට මෙහෙයුම් අරඹයි

    0
    165

    විවිධ නාද සහිත නලාවලින් සමන්විත සහ විවිධ වර්ණවලින් යුතු බල්බ දල්වාගෙන ගමන් කරන මගී ප‍්‍රවාහන බස් රථ වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව රථ වාහන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

    බස් රථ පමණක් නොව එවැනි ආකාරයෙන් කටයුතු කරන වෙනන් රථ වාහනවලට එරෙහිව ද නීතිමය පියවර ගැනීම ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේ.

    රථ වාහනවලට මෙලෙස අමතර උපාංග යෙදීම සම්බන්ධයෙන් වාහන හිමියා මෙන්ම රියදුරන්ද වගකිව යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවේ.

    විවිධ නාද සහිත නලාවලින් සමන්විත සහ විවිධ වර්ණවලින් යුතු බල්බ දල්වාගෙන ගමන් කරන බස් රථ පරීක්ෂා කිරීමේ මෙම මෙහෙයුම් දිවයිනේ සෑම ප‍්‍රදේශයක් ආශි‍්‍රතවම අඛණ්ඩව සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.