අධිකරණ තීන්දුවෙන් පසු සංධාන මන්ත්‍රීවරු මාධ්‍යට කියූ කතා

0
331

අධිකරණ තීන්දුවෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් පසු එම මන්ත්‍රීවරුන් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූවා.

ජනතාවගේ අපේක්ෂාව වූයේ පාර්ලිමේන්තු මැතිවරණය බවත් ඒ වෙනුවෙන් තමන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඔවුන් මහිදී මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා සිටියා.

මෙහිදි අදහස් දැක්වූ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

මාතෘභූමිය උදෙසා සිදු කළ මෙම සටන අත් නොහැර දිගටම පවත්වාගෙන යන බවයි මෙහිදී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.