අද සිට උප්පැන්නය වෙනස් වෙයි

0
586

2019 ජනවාරි 01 දා සිට උපත ලබන දරුවන් ‌වෙනුවෙන් නිකුත් කරනු ලබන උප්පැන්න සහතිකය භාෂා ‌දෙකකින් යුක්තව නව ආරක්ෂිත ක්‍රම සහිතව නිකුත් කිරීමට කටයුතු ‌යොදා ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් ‌දෙපාර්තමේන්තුව නව්‍යකරණය කිරී‌‌මේ ව්‍යාපෘතිය යටතේ ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින ‌සේවාවක් ආරම්භ කරන බවත්, දැනට නිකුත් කරන උප්පැන්න සහතිකය නව මුහුණුවරකින් ජාතික උප්පැන්න සහතිකයක් ලෙස නිකුත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

එමෙන්ම උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ දී ලබාදෙන අංකය ඉදිරියේ දී ජාතික හැඳුනුම්පත් අංකය ද වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නව උප්පැන්න සහතිකයේ සඳහන් වන්නේ පුද්ගලයකු ශ්‍රී ලාංකික යනුවෙන් පමණි. එමෙන්ම මව්පියන් විවාහක ද අවිවාහක ද යන ‌කොටස ද ‌මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර තිබෙනවා.

ව්‍යාජ උප්පැන්න සහතික නිර්මාණය කිරීම වැළැක්වීම සඳහා නව උප්පැන්න සහතිකයේ අධෝරක්ත කිරණවලට සං‌වේදී රාජ්‍ය ලාංඡනයක් අඩංගු කර ඇති අතර පරිගණක ‌කේතයක් සහ ආරක්ෂිත ස්ටිකරයක් ද අලවා තිබෙනවා. එමගින් දූෂණ හා වංචා සිදුවීම අවමකළ හැකි බව ද අමාත්‍යවරයා පවනවා. මෙම වැඩසටහන අද සිට (16) දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here