අදින් ශ්‍රි පාද වන්දනා සමය අැරඹේ

0
317

2018-2019 වර්ෂය සඳහා ශ්‍රි පාද වන්දනා සමය උදුවප් පුර පසළොස්වක පොහෝ දිනය වන අද(22) දින අලුයම යෙදුණු සුභ නැකතින් ආරම්භ කෙරිණි.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානයේ සිට මාර්ග තුනක් ඔස්සේ ශ්‍රි පාද මළුව දක්වා වැඩම කර වු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුව දක්වා අද අලුයම වැඩ කර ශ්‍රි පාද පත්මය සුවඳ පැනින් දෝවනය කර ආගමික වතාවන් මධ්‍යයේ වැඩම කර වු සධාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද මළුවේ තැන්පත් කිරිමෙන් අනතුරුවයි ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කෙරුණි.

ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙවර ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කෙරුණේ.

ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කල පළමු දිනයේම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සිල් සමාදම් විම සඳහා සහ ශ්‍රි පාදය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් ශ්‍රි පාද වන්දනා සමය අවසන් වන තෙක්ම විශේෂ ආශිර්වාද පුජාවන් ගණනාවක් ශ්‍රි පාද උඩු මළුවේ පවත්වන බව ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේය.

මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගය ඔස්සෙත් රත්නපුර පලබද්දල මාර්ගය ඔස්සෙත් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් පෙදු පහසුකම් රැසක් සලසා ඇති අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක්ද පොලිසිය මගින් දියත් කර ඇත.

පොලිතින් සහ ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍යය වලින් තොරව ශ්‍රි පාදස්ථානය පුජනිය ස්ථානයක් සේ සලකා පරිසර හිතකාමි ලෙස ශ්‍රි පාදය කරුණා කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් සියළුම වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here