අති පූජ්‍ය අත්තරගම වජිරජෝති නාහිමියෝ අපවත් වෙති

0
81

උඩරට අමරපුර නිකායේ අනුනායක ධුරන්ධර මහනුවර හරංකහව හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙන් අධ්‍යක්ෂ විහාරස්ථාන රැසක අධිපති ධුරය දරණ රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය මහෝපාධ්‍යයාය අති පූජ්‍ය අත්තරගම වජිරජෝති නාහිමියෝ අපවත් වුහ.

1923 දී අත්තරගම ගම්මානයේදී උපත ලද උන් වහන්සේ 1933 පැවිදි බිමට ඇතුලත් වී 1943 දී උපසම්පදාව ලැබූහ.

උපසම්පදාව ලැබීමෙන් පසුව උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී සාහිත්‍යාචාර්ය පණ්ඩිත උපාධිය ලබා ගත්හ.

එතැන් පටන් උඩරට අමරපුර නිකායේ පදවි ක්‍රමක්‍රමයෙන් ලැබ 2010 වසරේදී උඩරට අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය ගෞරව නාමය සහිත අනුනායක ධූරයෙන්ද පුදනු ලැබූහ.

විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් වහන්සේ නමක්වන උන් වහන්සේ 1981 සිට 1984 දක්වා සිංගප්පූරුවේ වැඩ වසමින් ධර්ම දූත කාර්යයයේ නිරතව සිටියහ.

අපවත් වන විට උන් වහන්සේ 97 වන වියේ පසු වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන 19 වනදා දා සිදු කරන අතර එදින පස්වරු එකට හරංකහව හේනේගම ශ්‍රී සංඝනානන්ද පිරිවෙනේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රථ පෙරහැරකින් ශ්‍රී දේහය අලවත්තේගම ක්‍රීඩාංගනය වෙත වැඩම කිරීමෙන් පසුව ආදාහන පූජෝත්සවය සිදු කරනු ලැබීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here