අතින් හදපු ඩ්‍රම්සෙට් එකෙන් මුහුණු පොතේ වැඩ පෙන්වූ සූරිය වැව ලහිරුට ෆ්ලෑෂ්බෑක් රොෂාන්ගෙන් ලැබුන අපූරු තෑග්ග – Photos

0
271

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වීඩියෝවක් වෙත හැමෝගෙම අවධානය යොමුවෙලා තිබුණා. ඒ නිවසේදී  සදා ගත් ඩ්‍රම් සෙට් එකක් අපූරු ලෙස වාදනය කරන අපූරු තරුණයෙක් ගැන

නමින් ඔහු කොඩිප්පිලි රණසිංහගේ ලහිරු සම්පත්.මීගහජදුර මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය තරුවක් පවට පත් වුනේ x රේ කොළ සහ හිස් බූලි එකතුකරලා තමන් ම නිර්මාණය කරගත් ඩ්‍රම් එකක් වේග රිද්ම ගීතයකට වාදනය කර එහි වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමත් සමඟයි.

මේ තරුණායගේ අපූරු හැකියාව දුටු ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායකයා වන රොෂාන් ප්‍රනාන්දු මෙම තරුණයාට නවීන ඩ්‍රම්ස් වාද්‍ය භාණ්ඩයක් පරිත්‍යාග කිරීමට තීරණය කළා. ඒ අනුව නවීන ඩ්‍රම්ස් සෙට් එක අද රොෂාන් ප්‍රනාන්දුගේ නිවසේදී ළහිරු වෙත පරිත්‍යාග කළා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here