අඩු පහසුකම් මැද කිලිනොච්චි රෝහලේ පළමු වරට සිදු කළ දණහිස් බද්ධය සාර්ථක වෙයි

0
195

අවම පහසුකම් යටතේ කිලිනොච්චිය මහ රෝහලේ පළමුවරට දණහිස් බද්ධ කිරීමේ ශෛලකර්මයක් සාර්ථකව සිදු කර තිබේ.

කිලිනොච්චිය මහ රෝහල් විකලාංග පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.ශෂිකරන් මහතා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් ශෛල්‍යකර්මය පසුගිය 28 වන දින සිදු කර තිබේ.

රෝහල වෙත ශෛල්‍යකර්මය වෙනුවෙන් අවශ්‍ය උපකරණ නොතිබු අවස්ථාවක මන්නාරම මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් සිදුකළ ඉල්ලීමක් මත අවශ්‍ය උපකරණ ලබාගෙන සාර්ථකව ශෛල්‍යකර්මය සිදුකළ බව රෝහල් වෛද්‍යවරුන් පැවසූහ.

ඇවිදීමේ අපහසුතාවයකින් පෙළුන මන්නාරම,පල්ලිමුනෙයි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු වෙත සාර්ථකව ශෛල්‍යකර්මය සිදුකොට තිබිණ.

අදාළ පුද්ගලයා ඇවිදීමේ අපහසුතාවය හේතුවෙන් මන්නාරම‍ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබු අතර,එහිදි විකලාංග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු රෝහලේ නොසිටි බැවින් රෝගියා කිලිනොච්චිය රෝහල වෙත යොමුකොට තිබු අතර,එහිදි කිලිනොච්චිය රෝහලේ විකලාංග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ශෂිකරන් මහතා රෝගියා පරික්ෂාකොට ශෛල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය කටයුතු යෙදු බවද රෝහල් වෛද්‍යවරුන් පැවසීය.