අගමැති රනිල් අරලියගහ මැඳුර අත් හැර නිවසට යයි

0
436

ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව අරලියගහ මන්දිරයෙන් නික්ම වික‍්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගොස් තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ විගසම මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ ඊයේ (16) දහවල්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඔක්තෝබර් 26 වනදා ඔහු සිය අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ඒකරාශී කිරිම සදහා රනිල් වික‍්‍රමසිංහ අරලියගහ මන්දිරයේ රැඳී සිටීමට තීරණය කළ අතර මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ ද මුළු කාළය තුළම එහි ගත කළා.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු ජාතික රජය 2015 ජනවාරි 08 වනදා පිහිටුවීමෙන් පසුව ඔක්තෝබර් 26 වනදා දක්වා කාලය තුළදී රනිල් වික‍්‍රමසිංහ අරලියගහ මන්දිරයේ ගතකර තිබුණේ රාත‍්‍රීන් 02ක් පමණි.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමෙන් පසුව පුරා දින 50ක් අරලියගහ මනිදිරයේ රැඳී සිටිමින් මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ඒකරාශී කරන කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත්කිරිමට රනිල් වික‍්‍රමසිංහ පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here