අංගොඩදී තරුණයෙකුට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන්ගේ යතුරු පැදිය කැලණි ගඟෙන් හමුවෙයි

මුල්ලේරියාව, අංගොඩ මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ආරක්ෂිත හිස් වැසුම් දෙකක් ද සමග වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ කැලණි ගඟේ තිබියදී එම යතුරුපැදිය හමුවී ඇති බවයි.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මාර්ග ආශ්‍රිතව ආරක්ෂිත කැමරා දර්ශන මගින් ඉදිරි විමර්ශන සිදුකරන බවයි.
අංගොඩ මංසන්ධියේදී ඊයේ රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය පැවසුවේ, මියගිය තරුණයා ගැටුම් කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවේ සිටි අයෙකු බවයි.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබිණ.

ඝාතනය සිදුකළ පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක අතර කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා තිබේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න