රටේ ආර්ථීකය බරපතල අවදානමක – මන්ත්‍රී මංගල කියයි

0
64

නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී පත් කිරීම් හමුවේ ශ්‍රී ලංකා ආර්ථීකය දැවැන්ත අවධානමකට ලක්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා.

නිවේදනයක් නිකතුත් කරමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ කොටස් වෙළඳපොල දත්ත නිරීක්ෂණය කිරීමෙන් එය මනාව පැහැදිලි වන බවයි.

පසුගිය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින 4 ක කාලය තුළදී පමණක් රුපියල් බිලියන 4 ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් ඉවත්කර ගෙන ඇති බවයි මංගල සමරවීර මහතා පෙන්වාදෙන්නේ.

ශ්‍රී ලංකා ආර්ථීකය කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටීම ඊට හේතුව ලෙස මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් දක්වා තිඛෙනවා.

අසීමිත ලෙස බදු කිහිපයක් කපා හැරීම හමුවේ රජයේ ආදායමච කැපී පෙනෙන අයුරින් අඩුවිය හැකි බවයි මන්ත්‍රීවරයාගේ ස්ථාවරය වන්නේ.

මෙම සියලු කරුණු හමුවේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ශ්‍රේණ්ගත කිරීම් පහළ යනු ඇති බවද මංගල සමරවීර මහතා තවදුරටත් සඳහන් කරනවා.

බදු කපාහැරීම් වැනි තීන්දු ජනප්‍රිය වුවද ඒවායෙහි දීර්ඝ කාලීන බලපෑම අයහපත් විය හැකි බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

අයවැය හිගය අඩුකිරීමට වත්මන් පාලකයන්ගේ සැලසුම් අපැහැදිලි බවද මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here