ලසන්ත ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම් ගැන විමර්ශනය කළ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා හදිසියේ ස්ථාන මාරු කරයි

0
55

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා.

සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබෙන බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.

කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනත්, එම තරුණයක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැකවරණය ලබා දුන්නැයි කියන සිද්ධිය ගැනත් විමර්ශන පවත්වන්නේ නිශාන්ත සිල්වා මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here