Citizen.lk
OPPO
 

ඇස් නොපෙණුනත් දැන් FACEBOOK

ඇස් නොපෙණුනත් දැන් FACEBOOK | Using Artificial Intelligence to Help Blind People ‘See’ Facebook
Thu 18 August 2016 4:12 pm
2,123 views

අද වෙනකොට ෆේස් බුක් ගිණුමක් නැති මනුස්සයෙක් සොයා ගන්නවත් නැති තරම්. අද කාගෙන් හරි ඔයා fb ඉන්නවද කියලා අහලා එයා කිව්වොත් මම fb නෑ කියලා ඇත්තටම දැන්කාලෙ හැටියට ඒක පුදුම වෙන්න දෙයක්. fb එකට log වෙලා ඉන්නවා කියන්නේ ඉතින් වෙලාව යනවා තේරෙන්නේ නෑ. ඒතරම් දේවල් බලන්න, කියවන්න, විනෝද වෙන්න පුළුවන් තැනක්.

ඒත් ඔයාලා කවුරුවත් හිතුවද ඇස් පේන්නේ නැති අන්ධ පුද්ගලයනුත් fb පාවිච්චි කරනවා කියලා. ලෝකයේ මිලියන 39ක් විතර පිරිසක් අන්ධභාවයෙන් පෙළෙන අතර මිලියන 246කට අධික පිරිසක් දෘශ්‍යාබාධවලට ලක්වෙලා ඉන්නවා.

ෆේස්බුක් සමාගම කියන්නේ කෘත්‍රිම බුද්ධි (Artificial Intelligence) තාක්‍ෂණය තුළින් FB තුළ පළවන ඡායාරූපවල තොරතුරු අන්ධ පුද්ගලයන්ට දැන ගැනීමට හැකිවන අයුරින් ෆේස්බුක් දියුණු කර ඇති බවයි.

උදාහරණයක් විදිහට කිව්වොත් ෆේස්බුක් තුළ පළවී තිබෙන සිනහසෙමින් සිටින තරුණයකුගේ සහ තරුණියකගේ ඡායාරූපයක් ගත්තොත් එහිදී Facebook වෙබ් අඩවිය ස්වයංක්‍රියව එම ඡායාරූපයේ තරුණයකු සහ තරුණියක සිටින බව මෙන්ම ඔවුන් සිනහ සෙමින් සිටින බව වැනි තොරතුරු පවසනු ලබනවා.

දිනපතාම Face book, Instagram, Messenger, Whats App හරහා මිලියන 2කට අධික ඡායාරූප ප්‍රමාණයක් හුවමාරු වෙන අතර සාමාන්‍ය ජනතාව ෆේස්බුක් තුළින් ලබාගන්නා අත්දැකීම් දෘශ්‍යාබාධවලින් පෙළෙන පුද්ගලයන්ට ලබාගැනීමට හැකිවන අයුරින් කටයුතු කිරීම ෆේස්බුක් සමාගමේ අවශ්‍යතාව බව ෆේස්බුක් සමාගම කියයි.

ජාලිය සෙනෙවිරත්න

Latest News

You may also like

Latest Videos