Citizen.lk
 

මේ ආන්ඩුව ඇමතිවරුන්ට පවා නීතිය ක්‍රියාත්මක කරනවා - පාඨලී චම්පික

මේ ආන්ඩුව ඇමතිවරුන්ට පවා නීතිය ක්‍රියාත්මක කරනවා -  පාඨලී චම්පික  | paatali chmpika Statement katargama
Sun 22 July 2018 4:42 pm
116 views


වත්මන් ආණ්ඩුවේ තිබෙන විශේෂත්වය වන්නේ මැති ඇමතිවරුන්ට පවා ඍජුව, දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමමෙන්ම පසුගිය රජය සමයේ 2013 වසරේ දී අපරාධ 55,000 ක් සිදුවී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ අද (22) අමාත්‍යාංශය යටතේ කතරගම ප‍්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධකම් තිබෙනවා නම් එය සාක්ෂි ඇතිව ඔප්පු කර පෙන්විය යුතු බවද ,අමාත්‍යවරු ලෙස රජය සමඟ ඒ සඳහා ඍජුව කි‍්‍රයාත්මක වීමට බැඳී සිටින බවද ඒ මහතා එහිදි පැවසීය. එමෙන්ම 2017 වර්ෂයේ අපරාධ 30000ක් සිදු වි ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News