Citizen.lk
 

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක් - LIVE

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක් - LIVE | South Africa beat Sri Lanka by eight wickets
Sun 22 July 2018 3:30 pm
309 views

සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 275ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 85ක් රැස්කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුණා.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක රැස්කළ ලකුණු සංඛ්‍යාව 61ක්.

පන්දු යැවීමේදී කේෂව් මහරාජ් ශ්‍රී ලංකා කඩුලු 03ක් බිඳ දැමුවා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 338 ක් රැස් කළ අතර දකුණු අප්‍රිකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 124ක්.

ලකුණු 214ක වාසියක් සමඟින් දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකාව දෙවන ඉනිමට ලකුණු 275ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 490ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News