Citizen.lk
 

අගමැති රනිල්ගෙන් නැවතත් මාධ්‍යයට දෝෂාරෝපණයක්

අගමැති රනිල්ගෙන් නැවතත් මාධ්‍යයට දෝෂාරෝපණයක් | Prime Minister Ranil Wickremesinghe accuses the media again
Fri 20 July 2018 4:18 pm
305 views

අවුරුදු 13 ක අධ්‍යාපනය සහතික කිරිම ඇතුලූ වත්මන් රජය ගෙන යන අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් මාධ්‍ය කටයුතු කිරිම සම්බන්ධයෙන් තමා කණගාටුවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවති උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමේ උත්සවයකට අද (20) එක්වෙමිණ්.

අධ්‍යාපනය නවීණ කිරිමේ වැඩසටහනට එරෙහිව කටයුතු කරන ඇතැම් මාධ්‍යවේදීන්ගේ අරමුණ කුමක්ද කියා තමන් නොදන්නා බවත් මෙම වැඩසටහන් සම්බන්ධයෙන් ඉදිරියේදි ඒ අයගේ සහයෝගය බලාපොරොත්තු වන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා,

‘‘අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අපි විශාල වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා. මේ සියලූ කාර්යන් එක්ක මේ රටේ අධ්‍යාපන ප‍්‍රමිතිය ඉහළ නැංවීම සදහා අපි කටයුතු කළ යුතුයි. අධ්‍යාපන ප‍්‍රමිති පනත මගේ ජාතික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ඉදිරිපත් කරනවා.

ඒ සමගම ගුරුවරු බඳවා ගැනීම, ගුරුවරු පුහුණු කිරීම, නුපුහුණු ගුරුවරුන් බඳවාගැනිම තහනම් කිරිම, අවුරුදු 13 ක අධ්‍යාපනය සහතික කිරිම ඇතුලූ වැඩසටහන් සියල්ලම අපි නිතියෙන් ඉදිරිපත් කරනවා.

මම සාමාන්‍යයෙන් මාධ්‍යයට දොස් කියනවා. ඒත් මෙම අවස්ථාවේ මාධ්‍යයේ සම්පූර්ණ සහයෝගය අපිට ලැබිලා තියෙනවා. හැම මාධ්‍යයෙන්ම කියලත් කියන්න බැහැ. ඒත් ප‍්‍රධාන මාධ්‍ය ගණනාවකින් මේකට සහයෝගය ලැබිලා තියෙනවා.

මෙම අධ්‍යාපන ප‍්‍රමිති පනත ගැනත් අවුරුදු 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබා දෙන එක ගැනත් සන්ඬේ ටයිම්ස් පුවත්පතේ ඉක්බාල් ලතාස් විරුද්ධව ලියපු එක ගැන මම කණගාටු වෙනවා."

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News