Citizen.lk
 

මගේ ඉලක්කය රවී ශංකර් වගේ ලෝක පූජිත මනුස්සයෙක් වෙන එක - පේෂල මනෝජ් ගැන අපි නොදන්න කතාව - Exclusive

මගේ ඉලක්කය රවී ශංකර් වගේ ලෝක පූජිත මනුස්සයෙක් වෙන එක - පේෂල මනෝජ් ගැන අපි නොදන්න කතාව - Exclusive | Citizen.lk Exclusive Interview with Peshala Manoj
Fri 20 July 2018 3:37 pm
5,296 views

ඔහුගේ මුළු දිවියම සංගීතයයි. එහෙත් අපි ඔහුව වඩා හොදින් හදුනන්නේ සංගීතය නිසා නොව රූපවාහිනි නිවේදකයෙකු ලෙසය. සංගීතයට වඩා හාත්පසින්ම වෙනස් විෂයක් වූ නිවේදනය ඔහු වඩා හොදින් කරන්නේය. ඔහු දගකාරය. ඒ දගකාරකමටම ඔහුට අපූරු කටකාරකමක්ද ඇත. ඒ නිසාම ඔහු අපව සිනා සගාරයක ගිල්වන්නේය. මේ සියල්ල අතරේ ඔහු ආචාර්යවරයෙකි. සරසවි විද්‍යාර්ථයින්ට දැනුම බෙදන්නෙකි. එකවර භූමිකා කිහිපයක් නිරූපණය කරන ඔහු අපට විශේෂතය. සැබවින්ම ඔහු බොහෝ දේ ගොඩනගාගෙන ඇත. ඒ අතර ප්‍රේක්ෂක ආදාරයද ඇත. ඉතින් අපි ඔහු සොයා ගියෙමු. ඔහු පේෂල මනෝජ්ය. අපේ කතාව අපි අරඹන්නේ සුපුරුදු කටකාරයා මතුකරගන්නටය. එහෙත් ඔහු තැන්පත්ය. නිහතමානිය. කොළඹ ඉපදුන ඔහු ඔහුගේ ළමා කාලය ගැන අපිට කිව්වේ මෙහෙමය.

මම මුලින්ම පාසල් යන්නේ දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට. ඉස්කෝලේ යන කාලේ ඉදන්ම මම දගකාරයි. දැන් මම ඉන්න විදියම තමයි ඒ කාලේත්. මට පොඩි කාලේ ඉදන්ම දොස්තර කෙනෙක් හරි ඉන්ජිනේරුවෙක් හරි වෙන හීනයක් තිබුනේ නැහැ. චූටි කාලේ ඉදන්ම මට තිබුනේ මියුසික් කරන හීනයක්. ඒක අද වෙනකම්ම එහෙමමයි.

සංගීතය ඔහුගේ එකම සිහිනයය. ඔහු ඒ වෙනුවෙන් කැපවෙන්නේය. අපි දන්නා සාමාන්‍ය කතාවලට වඩා ඒ නිසාම ඔහුගේ කතාව වෙනස්ය. කුඩා කළ බොහෝ දරුවන්ගේ එකම සිහිනය වන්නේ දොස්තර කෙනෙක් වීම හෝ ඉන්ජිනේරුවෙක් වීමය. නැති නම් වෙනත් ඉහළ රජයේ රැකියාවක්ය. දෙමව්පියන්ද දරුවන් මෙහෙය වන්නේ ඒ සිහිනය හබා යන්නටය. එහෙත් පේෂලගේ සිහිනය සම්ප්‍රදායික රැකියා සිහිනවලට වඩා වෙනස් එකක්ම විය. ඔහු ඒ නිසාම ඒ සිහිනය හබා යන්නට බෙහෝ කැපවීම් කරන්නේය. සංගීතය ඔහුගේ සිහිනය වූවද ඔහු අධ්‍යාපනය අතපසු කරන්නේ ද නැත.

මම ඉස්කෝලේ යද්දී ක්‍රියාකාරී ශිෂ්‍යයෙක්. පන්තියේ හැමදාම පළවෙනියා වෙනවා. එකම එකපාරක් දහතුන්වෙනියා වුනා. ඒ පාර ඇරෙන්න අනික් හැම දවසකම පළවෙනියා දෙවනියා අපර රැදෙනවා. හැබැයි මම ක්‍රීඩාවලට දක්ෂයෙක් වුනේ නැහැ. ක්‍රීඩාවක් කියලා කළේ ගෙවල් පැත්තේ කොල්ලෝ සෙට් එක එක්ක සෙල්ලම් කරපු එක තමයි.

ඔහු ඔහුව හදුනයි. ඔහුගේ හැකියාව ගැන ඔහුට ආවේනික දැක්මක් ඔහුට තිබෙයි. ඒ නිසාම ඔහු පාසල් කාලේ සිටම කලාව හබා යයි. ඔහු ඔහුව ගොඩනගා ගන්නට ආදර්ශයට ගන්නේ ඔහුගේ සංගීත ගුරුවරයාය.

මගේ රෝල් මොඩ්ල් එක පාසල් යන කාලේ හිටපු නන්දසිරි සර් . හැබැයි මම ඉන්දියාවට ගියාට පස්සේ රොල් මොඩ්ල් එක කරගන්නේ වර්ල්ඩ් ෆේමස් තබ්ලා ප්ලේයර් කෙනෙක්ව. තවමත් මම ඒ විදියට වෙන්න උත්සහ කරනවා. හැබැයි තවම මම එහෙම වෙලා නැහැ.

ඔහු සංගීතය සොයා යන කෙනෙක් වූවද අප අතර ඉන්නා වැඩි දෙනෙක් ඔහු හදුනන්නේ නිවේදකයෙකු ලෙසය. ඒ නිවේදන හැකියාව කාටත් මතක හිටින එකක් වන්නේ ඔහුටම ආවේනික වූ ඉදිරිපත් කිරීමේ හැකියාව නිසාය. ඔහු චතුර නිවේදකයෙකුට ද වඩා ප්‍රේක්ෂකයින් විනෝදාස්වාදයේ උපරිම තලයකට ගෙන යන්නෙකු ලෙස හැදින් විය හැක. එය එසේ කිරීම හැමෝටම පහසු නැත. ඒ අපූරු බව ඔහුට ලැබෙන්නේ ඉබේමය.

ඔය මගේ සාමාන්‍ය විදය. මේ ඉන්න විදියටම තමයි වැඩසටහන කරන්නෙත්. එතනින් එහා කිසි දෙයක් මම මවාගෙන නැහැ. මගේ සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එක තමයි ඔය. වෙන එකක් නැහැ.

ලෝකය ජීවත් කරන්නේ ප්‍රේමයය. ඔහු පෙම් කරන්නේ සංගීතයටය. එහෙත් සංගීතයට එහා ගිය ආධ්‍යාත්මික ප්‍රේමයක් ඔහුටද තිබිය හැක. අපි ඔහුගෙන් ප්‍රේමය ගැන ඇසුවෙමු. ඔහු එක්වරම කීවේ ප්‍රේමය හොද දෙයක් කියා පමණය. එහෙත් අපි තව තවත් ප්‍රේමය ගැන ඇසූ විට ඔහු ඒ ගැන කීවේ මෙවැන් දෙයකි.


ආදරය ප්‍රේමය අරව මේවා තිබේබේ ඉස්සර. දැන් ඒක ගොඩක් අඩුයි. නමුත් ප්‍රේමය ලයිෆ් එකට අවශ්‍ය දෙයක්. එක එක තාලෙට එක එක දේවල් වෙනවා. ඉස්කෝලේ යන කාලේ තිබ්බ ප්‍රේමය නෙමෙයි දැන තියෙන්නේ. අපි යන ගමනත් එකක් ආදරය වෙනස් වෙනවා. ආදරයේ විවිධ කැටකරි තියෙනවා. දෙමාපියන්ගේ ආදරයට වඩා පෙම්වතියගේ ආදරේ වෙනස්. ගොඩක් වෙලාවට අපිට තිබුලා තියෙන්නේ ආකරශනය තමයි. කොහොම වුනත් ඒක හොද දෙයක්. ඕක පටල ගන්නේ නැතුව තමන්ගේ ටාර්ගට් වලට යන්න ඕන. දැන් තේරෙන ඒවත් එක්ක බැලුවම ඕකත් සයිඩ් එකෙන් තියාගෙනම ඉස්සරහට යන්න ඕන.

ඕනෑම මනුස්සයෙකුට ඉලක්ක ඇත. ඒ ඉලක්ක මිනිසුන් හබා යන්නේ විවිධ ක්‍රම වලටය. ඔහුටද ඉලක්ක ඇත. ඒ ඉලක්ක ගැන ඔහු කියන්නේ මෙහෙම කතාවකි.

මිනිස්සුන්ට හීන තියෙන්න ඕන.ගොඩක් ලොකු හීන තියෙන මිනිස්සු තමයි ලෝකය දිනපු අය වෙන්නේ. හීන තිබ්බොත් තමන්ගේ ටාර්ගට් එකට ගියේ නැතත් එතනින් පොඩ්ඩක් මෙහා හරි නවතින්න පුළුවන්.

මිනිසුන්ට හීන තිබුනට ඒවා ලබා ගැනීමට බොහෝ කැපකිරීම් කරන්නට සිදුවේ. සරලවම කීවොත් හීන හැබෑ කරගන්නට කට්ට කෑම අත්‍යවශ්‍යය. ලෝකයේ බොහෝ දියුණු මිනිසුන්ට මෙන්ම පේෂලටද එය පොදු ධර්මතාවයකි.

අපේ දෙම්ව්පියෝ බොහෝම සාමාන්‍යයය අය. ලොකුවට කිසි දෙයක් අපිට තිබ්බේ නැහැ. මට ඉන්දියාවේදී ලොකු කට්ටක් කන්න වුනා ඉගෙනීම වෙනුවෙන්. ඒ කට්ට එකක් මම දෙවල් ලබා ගත්තා. ඇත්තටම කට්ට නොකා කිසි දෙයක් ලබාගෙන වැඩක් නැහැ. කට්ට නොකා දෙයක් ලබා ගන්නවා කියන්නේ රියලටි ෂෝ එකක් වගේ. රියලිටි ෂෝවල දෙන්නේ වන් නයිට් ඩ්‍රීම් එකක් නේ. හැබැයි ඒකේ කිසි පැවැත්මක් නැහැ.

දැන් අපේ කතාව හැරවෙන්නේ වෙන පැත්තකටය. ඔහු රියලටි ගැන කතා කළ නිසාම ලංකාවේ රියලිටි තරුවලට පැවැත්මක් නැද්දැයි අපි ඔහුගෙන් ඇසුවෙමු.


එහෙම ලොකුවට කෙනෙක් නැහැ නේද. අපි සංගීතයේ ලෙජන්ඩ්ලා කියලා හදුන්වන අමරදේව මාස්ටර්, නන්දාමාලනී මිස්, කේමදාස මාස්ටර් වගේ හැමදෙනාම මොනවහරි ලොකු කට්ටක් කාලා පරිත්‍යාගයක් කරලා අපු අය. ඒ ගොල්ලො තවමත් පැවැත්මක් තියෙන අය. නමුත් දැන් හැදෙන අය කෙලින්ම කන්දක ගිහින් තියෙනවා. ඒ කන්දේ ගිහින් තිබ්බම කන්ද බහින විදියක් හෝ නැග්ග විදියක් ගැන ඒ අය කිසි දෙයක් දන්නේ නැති වෙනවා.

රියලිටි ගැන බොහෝ දෙනෙකුට බොහෝ විවේචන ඇත. ඒ නිසාම ඒ කතාව ඇරඹුවොත් එහි කෙලවරක් දකිීමට ද නොහැක. මේ ඒ ගැන කතා කරන්නට හොදම වේලාව නොවන බව දනිමු. ඒ නිසාම අපි නැවත පේෂල ගැන කතා කරන්නට පටම් ගත්තෙමු. පේෂල ඉන්දියාවට යන්නේ සංගීතය ඉගෙන ගන්නටය. ඉන්දියාවේදී ඔහු සංගීතයේ බොහෝ අහුමුලු ස්පර්ශ කරන්නේය.

මම ඉන්දියාවට යන්නේ බැචල ඩිග්රි එක සහ මාස්ටර් එක ගන්න. මම ඉගෙන ගන්නේ ලක්නව් වල බාත් කණ්ඩ විශ්ව විද්‍යාලයෙන්. මම ඉගෙන ගන්නේ ලක් නව් පරම්පරවේ ලොක්කාගේ ගෙදරම නැවතිලා. ඒක ගුරු ශිෂ්‍ය පරම්පරාවේ ඉගෙනුම් ක්‍රමයක්.


ඔහු ඉගෙන ගත් දෙය අතට ගෙන එතනින් නවතින්නේ නැත. ඔහු ඔහුගේ දැනුම සිසුන්ට බෙදා දෙන්නේය. බොහෝ දෙනෙක් නොදන්න ඔහුගේ අනෙක් ප්‍රතිරූපය එයය. ඔහු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකි. ඔහු ඉගෙනගත් ඉන්දීය අධ්‍යාපන ක්‍රමය සහ ලංකාවේ විශ්ව වද්‍යාල අධ්‍යාපනයේ වෙනස ඔහු පහදන්නේ මෙලෙසය.

ලංකාවේ තියෙන්නේ යුනිවර්සිටි මානසිකත්වය. එහේ තියෙන්නේ ගුරුගෝල මානසිකත්වය. අපිට මෙහේදී ප්‍රැක්ටිස්කරලා නැති ළමයෙක් එලියට දාන්න බැහැ. එහේ ඊට වඩා වෙනස්. ගුරුවරයා කියන කෙනා ගොඩක් ඉහළින් තියලා තියෙන්නේ. එහේ ඉන්න ළමයි සබ්ජෙක්ට් එකත් එක්ක බැදිලා ඉන්නේ. මෙහේ ළමයින්ට ටයිම්වේස්ට් කරන වැඩ ගොඩක් තියෙනවා. පාරවල්වල පිකට් කරන්න. ෆස්ට්ඉයර්ස්ලා රැග් කරන්න වගේ දේවල්. මම දකින විදියට කලාව කරන කෙනෙක්ට ටයිම් වේස්ට් කරන්න බැහැ.

ඔහු තබ්ලාවට පෙම්බදින්නේය. ඒ නිසාම විශ්ව විද්‍යාලයෙන් එහා ඔහු තබ්ලා ඇකඩමියක් හරහා දරුවන්ට සිප්සතර දෙන්නේය. ඔහු කියන විදියට මේ මොන දෙයක් කලත් ලංකාවේ නම් දක්ෂයින්ට වටිනාකමක් ඇත්තේ නැත. ලංකාවේ වඩාත් ජනප්‍රය වන්නේ හොද දේට වඩා නරක දේවල්ය.

මොකක් හරි හොද නිර්මාණයක් කළොත් ඒක ලංකාවේ ගනම් ගන්නේ නහැ. මොකක් හරි කුණුහරුපයක් තමයි ජනප්‍රය වෙන්නේ. ඇත්තටම පාම්පිටිවලට වඩා කුඩු ගනම් වැඩී නේ. පාම් පිටිවලින් මිනිස්සුන්ට රොටී හදලා කන්න පුළුවන්. ප්‍රයෝජන ගොඩක් තියෙනවා. හැබැයි කුඩු තමයි ගන්ම වැඩී . ඒ කියන්නේ මිනිස්සු විනාශ කරන චාටර් එක තමයි ගොඩක් ගනම් වැඩි වෙන්නේ. සමාජය දූෂණය කරනකොට ස්පේස් එක වැඩී. ඕන කුණුහරපයක් කරලා ට්‍රෙන්ඩින් නම්බර් වන් වෙන්නයි බලන්නේ.

ඔහු සංගීතය ගැන බොහෝ දේ කියයි. ඔහු කියන්නේ මේ රැල්ල සමග ඔහු නිහඩව සිටින බවය.ඉදහිට කරන සින්දුවක් ඇරෙන්නට ඔහු දැන් බොහෝ නිහඩය. ඔහුට අවශ්‍ය හැමොම කරන දෙය කරන්නට නොව. වෙනසක් කරන්නටය.

මම නිර්මාණ කරන්නේ නැහැ. පහුගිය කාලේ ආර්මි එකට ක්ලැසිකල් පැත්ත ටච් කරලා සින්දුවක් කළා. තව ඉස්සරහට එනවා චන්දන වික්‍රමසිංහ එක්ක එකතුවෙලා කරපු බැලේ එකක් ස්ටෝරි ඔෆ් සීකර් කියලා.එකේ මියුසික් කළා. අපි බලමු ඉදිරියට එකට ලැබෙන ප්‍රතිචාර.


ඔහු අපි දකින්නේ කටකාර නිවේදකයෙකු ලෙසය. එහෙත් පිටතින් අපි දකින ඔහුට වඩා ඇතුළතින් ඔහු වෙනස්ය. ඔහුට ඉලක්කයක් ඇත. ඒ ඉලක්කය සොදුරුය. අහිංසකය. එහෙත් සම්භාවනීයය.

මගේ ඉලක්කය රවී ශංකර් වගේ මනුස්සයෙක් වෙන්න. ඒගොල්ලෝ ඇවිල්ලා ලෝක පූජිත මිනිස්සුනේ. අපි ගත්තොත් යානී වගේ කෙනෙක් එයා ලෝක පූජිත මනුස්සයෙක් නේ. අපි දන්නේ නැහැ අපිට එහෙම වෙන්න පිලුවන් වෙයිද කියලා. නමුත් මම ඒකට උත්සහ කරනවා.


ඔහුගේ ඉලක්කය පැහැදිලිය. එහෙත් ඒ ඉලක්කයට යාමට වාතාවරණයක් ලංකාව තුළ තිබෙනවාදැයි ඔහු දන්නේ නැත. එහතේ ඔහු දැනටමත් ලංකාවේ මිනිසුන්ගේ ආදරය දිනාගෙන හමාරය. ලොකු පොඩි කොයි කවුරුත් ඔහු තුළ ඉන්නා සංගීතාඥයාට කෙසේ වෙතත් නිවේදකයාට ආදාරේය. ඉතින් ඒ ආදරය තුළින් ඔහුගේ සොදුරු ඉලක්කයට යන්නට අපි ඔහුට සුභ පතා ඔහුගෙන් සමුගතිමු. ඒ තවත් සොදුරු මිනිසෙකුගේ කතාවක් ඔබට කියන්නට බලාගෙනය.

 

Latest News

( 7 views)

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News