Citizen.lk
 

මැතිව්ස් 5000 සීමාව පසු කරයි - LIVE

මැතිව්ස් 5000 සීමාව පසු කරයි - LIVE | Mathews hits the 5000 mark
Fri 20 July 2018 3:38 pm
328 views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස් තරග දිවියේ ලකුණු 5000 සිමාව පසු කිරීමට අද (20) සමත් වුණා.

ඒ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් ඉතිහාසයට එක්වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කළ 09 වන පිතිකරුවා ලෙසටයි.

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කිරීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත්වු අතර ඔහු මේ වන විට නොදැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 10ක් ලබා ගෙන සිටිදියි.

මැතිව්ස් මෙම දක්ෂතාව වාර්තා කළේ ටෙස්ට් තරග 75 කට ක්‍රීඩා කරමින් වන අතර 2009 වසරේ දී පකිස්ථානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී ටෙස්ට් වරම් ලැබු ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට් ශතක 08 ක් සහ අර්ධ ශතක 28 ක් ලබා සිටියි.

ඔහුගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙසට සටහන් වන්නේ ලකුණු 160 කි.

සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය මේ වන විට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 209 ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 53 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 21 ක් ලබාගත්තා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News