Citizen.lk
 

ඔස්ට්‍රේලියාවේ රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කතකට වැඩ වරදි

ඔස්ට්‍රේලියාවේ රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ කතකට වැඩ වරදි | A woman who defrauded a job with her job dreams has failed
Fri 20 July 2018 1:18 pm
184 views

ඔස්ට්‍රේලියාවේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්අඩංගුවට ගත් සැකකාරිය පනාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සදහන් වන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව තිබී රුපියල් විසි දෙලක්ෂ පනස් දහසක මුදලක් සහ ගමන් බලපත්‍ර සොයාගෙන ඇති අතර සිදු කළ වැඩිදුර විමර්ශනවලදී සැකකාරිය විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් 98 ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

සැකකාර කාන්තාව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News