Citizen.lk
 

ආචාර්ය දීපිකා උඩුගමට එරෙහිව සිදුකළ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

ආචාර්ය දීපිකා උඩුගමට එරෙහිව සිදුකළ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් | Inquiry into Dr. Deepika Udugama's statement
Thu 19 July 2018 3:17 pm
263 views

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මියට එරෙහිව සිදුකරන ලද බව කියන ද්වේශ සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ ස්වාධීනව ක්‍රියාත්මක ආයතනයක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනීය සම්බන්ධයෙන් සිදුකරන ද්වේ‍ශ සහගත ප්‍රකාශ තරයේ හෙළා දකින බවයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ප්‍රසිද්ධියේ තර්ජනයට ලක්වීම සහ එවැනි වගකීම් රහිත ප්‍රකාශයක් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඉස්මතු කිරීම බරපතළ කාර්යයක් බවයි වැඩිදුරටත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

සභාපතිනියගේ මෙන්ම කොමිසෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ද පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News