Citizen.lk
 

තායිලන්ත ගුහාවේ සිරවී සිට බේරාගත් දරුවන් ප්‍රථමවරට මාධ්‍යට අදහස් දක්වමින් බිහිසුණු අත්දැකීම ගැන කියූ කතා - වීඩියෝ

තායිලන්ත ගුහාවේ සිරවී සිට බේරාගත් දරුවන් ප්‍රථමවරට මාධ්‍යට අදහස් දක්වමින් බිහිසුණු අත්දැකීම ගැන කියූ කතා - වීඩියෝ | A kiss for our hero Relatives of soccer team trapped in Thai caves embrace the boys as they finally return home 26 days after vanishing in underground tunnels
Thu 19 July 2018 9:57 am
6,239 views

තායිලන්තයේ ගුහාවක සති දෙකකට අධික කාලයක් සිරවී සිට බේරාගනු ලැබූ පාපන්දු කණ්ඩයමේ දරුවන් ඊයේ (18) ප්‍රථමවරට මාධ්‍යවෙතට පැමිණි අදාල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා.

මෙම අවස්ථාවේදී එහි සිටි දරුවන් 12 දෙනාගෙන් එක් අයෙකුට පමණක් ඉංග්‍රීසි බස හැසිරවීමේ හැකියාව තිබුණු ඇත ඔහු විසින් ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් පවසා සිටියේ තමන් ඇතුළු පිරිස පළමුවරට සොයාගත් අවස්ථාව ආශ්චර්යේ මොහොත ලෙස ඔවුන් හැඳින්වූ බවයි.

මේ අතර ඔවුන් ගුහාව තුලදී ජලය පමණක් පානය කළ බවත් ආහාර සඳහා කිසිවක් නොතිබූ නිසාවෙන් ඒ පිළිබඳව සිතීමද නවතා දැමූ බවයි ඔහු පවසා සිටියේ.

''කන්න කිසි දෙයක් තිබුණේ නෑ, ඒ නිසා අපි වතුර බොන එක ගැන විතරයි හිතුවේ. 5 වෙනි දවසේ විතර අපි එළියට යන්න වෙන පාරක් හොයන්න ඕනි කියලා සාකච්ඡා කළා, අපි දැනගෙන හිටියා එළියට යන්න තවත් තැනක ඇති කියලා. නමුත් ඒක තිබ්බේ ගොඩාක් දුරින්. ඒ නිසා අපි ආයෙත් හැරිලා ආවා. ඒ එද්දි තමයි ආයෙත් ගුහාවට වතුර පිරෙන්න ගත්තේ.

මේ අත්දැකීම මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති සිදුවීමක්. අපි හැමෝම දැනගත්තා අපේ ජීවිතවල තියෙන වටිනාකම ගැන. කිසිම දෙයක් ලේසියෙන් අතාරින්න එපා කියන එකත් මේ සිද්ධියේදී අපි අවබෝධ කරගත්තා. හැමෝම හිටියෙ කොහොමහරි ගුහාවෙන් එළියට යනවා කියන අධිෂ්ඨානයෙන්.

අපි සමාව ඉල්ලනවා අපේ දෙමාපියන්ගෙන් මේ වගේ හිතුවක්කාර වුණු එක ගැන, අපි ඔවුන්ට කලින් කීවේ නෑ ගුහාවක් ඇතුළට යනවා කියලා. ආයේ කවදාවත් අපි ගුහා ඇතුලට යන්නේ නෑ''

යැයි ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණා.

 

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News